රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරට කරන්දෙණියේ තරුණ පිරිසක් රුපියල් 300ක මුදලක් තැපැල් මගින් යවා ඇති බව වාර්තා වෙනවා.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පසුගියදා කටුනායක ගුවන්තොටුපළේ දී එහි සේවය කරන පෝටර්වරයකුට පහරදී තිබුණේ ඔහුට නියමිත ගාස්තුව වූ රුපියල් 1000 වෙනුවට රුපියල් 700ක් ගෙවීම හේතුවෙන්.
ඒ එදින රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ විදේශගත වීමේදී රැගෙන ගිය ගමන් මලු පිටවීම හේතුවෙන් ගෙවීමට නියමිත වූ ගාස්තුවයි.
පෝටර්වරයාට ලබාදිය යුතු ඉතුරු මුදල වන රුපියල් 300 කරන්දෙණියේ තරුණයන් පිරිසක් විසින් මනිඕඩරයක් මගින් කථානායකවරයා බාරයේ පාර්ලිමේන්තු ලිපිනයට රාජ්‍ය ඇමැතිවරයාට යවා ඇති බවයි කියන්නේ.
රුපියල් 300ක් නිසා පුද්ගලයකුට රාජ්‍ය අමත්‍යවරයා පහර දීම නිසා තමන් කථානායකවරයා භාරයේ රුපියල් 300ක මුදලක් අමාත්‍යවරයා වෙත තැපෑලෙන් යොමුකළේ පෝටර්වරයාට ගෙවිය යුතු ඉතිරි මුදල ගෙවීමට පහසුවීම සඳහා බවයි අදාළ තරුණයින් පවසා ඇත්තේ.
A good lesson to the state minister.He should be asked to apologize to the porter at the airport.