දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කිරීමට කටයුතු කෙරේ.

විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල (28) දින පැවැත්විමට නියමිතව තිබු අතර ක්‍රීඩා උත්සවයේ නිවාස ඉදිකිරිම අවශ්‍ය උණ ගස් කැපිම සඳහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු විසින් විද්‍යාල භුමියේ පිහිටි උණ පඳුරකින්
උණ ගසක් කැපීමට කටයුතු කර තිබිණි.

එහිදි කපන ලද උණ ගසක් අසල ස්ථාපිත කොට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමර්යට සවි කර ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියක ගැටී තිබේ.

එම අවස්ථාවේදී සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි ඇති බවයි සදහන් වන්නේ.

එහිදි විදුලි සැර වැදුනු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර අනතුරුව එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගෙන තිබේ.

එම අනතුරින් රෝහල්ගත කොට ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ පිළිබඳව දෙනියාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියකු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කළ නොහැකි බවත් මේ පිළිබඳව දන්නේ සමාජ මාධ්‍ය ජාලය මගින් බවද පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසිය පරීක්ෂණ මෙහෙයවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here