Business
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Business
තවෂි බුරුසුවලට ජපානයෙන් ඉහළ ඉල්ලුමක්

අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහල ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා (29) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය අවධාරණය කළේය.
දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.
පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩ සටහන් සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටළුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විහේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.
එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Business
රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.
අද(30) දිනයේදී කැරට් 24ක රන් පවුමක් රුපියල් එක්ලක්ෂ අසූ පන්දහස දක්වා ඉහළ ගොස ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හැටඅටදාහක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි අලෙවිකරුවන් පවසන්නේ.
Business
වංචාකරුවන් සහ සාපරාධි ව්‍යාපාර යෝජනා ක්‍රම වලට වැඩ වරදී, අන්තර්ජාලයේ වංචනිකයන් අල්ලන තාක්ෂණ ලොවේ විප්ලවය- Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතිය

දිනෙන් දින විශ්මිත නිර්මාණ කරන තාක්ෂණික ලෝකයේ Artificial Intelligence නැත්තම් කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලි පදනම් මත ගොඩනැගු Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා වංචනික ණය අයදුම්කරුවන් හඳුනාගැනීමට හැකිවෙනවා.
ණය සහ මුල්‍ය පහසුකම් සපයන ව්‍යාපාර ව්‍යාප්තවීමත් සමග වෙනත් පුද්ගලයන්ගේ දත්ත සහ අනන්‍යතාව වංචනික ලෙස භාවිතා කරමින් ණය අයදුම් කරන අවස්ථා ඕනෑ තරම් වාර්තා වන අතර මේ නිසා බොහෝ දෙනා අසරණ අවස්ථා එමටයි.
නමුත් එවැනි වංචනිකයන්ට වැඩ බැඳීමට කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනුම් ක්‍රියාවලි පදනම් මත ගොඩනැගු Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධතියට හැකියාව තිබෙනවා.
“අද වනවිට වෙනත් පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත භාවිතා කරමින් අන්තර්ජාල යෝජනා හරහා ණය ලබාගැනීමේ බරපතල සිද්ධීන් වාර්තා වනවා. මේ නිසා ඇතැම් පුද්ගලයන්ගේ කීර්ති නාමයන්ට බරපතල හානි සිදුවනවා. ඒවා නැවැත්වීමටයි Ceyloan උසස් තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කර ඇත්තේ” එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ පද්ධතිය හරහා ඇතැම් රැවටිලිකාර ක්‍රියාවන් කොටු කරගැනීමට හැකිවනවා. Ceyloan හි අයදුම්පත් පද්ධතිය හරහා, ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් සිදුකල වංචනික ක්‍රියා රැසක් අනාවරණය කරගැනීමට හැකි වී තිබෙනවා.
ලබාගත් තොරතුරු හරහා Ceyloan.lk වෙබ් අඩවිය හරහා වංචනික සහා අපරාධකරුවන්ගේ අනන්‍යතාව පමණක් නොව ඔවුන් සිටින ස්ථානය පවා හදුනාගැනීමට හැකියි.
පොලිසියේ සහ නීති අංශ සමග සමීපව කටයුතු කිරීම හරහා Ceylon තොරතුරු පද්ධතියට වංචනිකයන්ට එරෙහිව විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි වී තිබෙනවා.
මේ තොරතුරු අදාළ නීති ක්‍රියාත්මක කරන ආයතන වෙත පමණක් ලබාදී එහි රහස්‍ය භාවය ආරක්ෂා කිරීමටද Ceylontech Lanka (Pvt) Ltd පියවර ගෙන ඇත්තේ වගකීම් සහගත ලෙසයි.
වංචාකරුවන් හඳුනා ගැනීම සහ නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කිරීමට Ceylontech Lanka (Pvt) Ltd ක්‍රියා කර ඇත්තේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කරමින්.
Ceylontech Lanka (Pvt) Ltd වංචානියකන්ට එරෙහි දුෂණ විරෝධී සටනේ විශ්වාසවන්ත සහ ස්ථිර හවුල්කරුවෙකු වීමට කැප වී සිටියි.
තම ණය ආපසු ගෙවීම හිතාමතාම ප්‍රතික්ෂේප කරන ඕනෑම ණය ගැණුම්කරුවෙකු ණය මුදල කුමක් වුවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තිය යටතේ වගකිව යුතු වේ.
එම අරමුණ ඉටුකරගැනීම සදහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීප සහයෝගීතාව වගේම මේ වංචනිකයන් හසු කරගැනීමේ නිවැරදි ක්‍රම වේදයක් අවශ්‍ය වනවා.
“අපි අපගේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට අඛණ්ඩව කැප වී සිටින කරන අතර මුදල් ගනුදෙනු කරන ව්‍යාපාරවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි ප්‍රධාන විධායක ප්‍රනාන්දු මහතා පවසන්නේ.
Ceylontech Lanka (Pvt) Ltd යනු සාමාන්‍ය ජනතාවට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සපයන ඩිජිටල් පද්ධතියක් වන අතර Ceylon සන්නාමය යටතේ සිය මෙහෙයුම් සිදුකරයි.
Ceylon සමාගම ශ්‍රී ලංකා වෙළඳපොලට ඇතුළු වූ දා සිට ණය දෙන ගැණුම්කරුවන් 100,000 ක් සමග එක්ව මෙහෙයුම් සිදුකර ඇති ඔවුන් රට තුළ 500,000 කට වඩා ණය ලබා දී ඇත.
Ceyloan ශ්‍රී ලාංකේය මුල්‍ය වෙළඳපොලේ පුරෝගාමියෙකු ලෙස පෙරමුණ ගෙන සිටින කෘතීම බුද්ධිය භාවිතා කරමින් අන්තර්ජාල මුල්‍ය සේවවාන් නියමනය කරමින් සීමිත පහසුකම් සහිත අව වරප්‍රසාද ලත් ජනතාවට සාධාරණ ඉහල සේවාවක් සපයන ආයතනයක් ලෙස වෙළඳපොලේ කීර්තිනාමයක් දිනාගෙන සිටී.
-
Hot News4 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News3 days ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News4 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News5 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World4 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News16 hours ago
Watch : පාසල් සිසුවියන් මත්පෙති ගන්න මුදල් සොයන අලුත්ම විදිය ගැන අනාවරණයක්
-
Hot News3 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News4 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්