සිය ප්‍රේමවන්තිය මියගොස් දින 50 ක් ගතවු දිනයේ ප්‍රේමවන්තයා විසින් ඊයේ(09) සියදිවි නසාගෙන ඇති බව යාපනය,තෙලිප්පලෙයි ප්‍රදේශවාසීන් පවසති.
තෙලිප්පලෙයි පොලිසිය පැවසූවේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු ඊයේ(09) සියදිවි නසාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්‍රදේශවාසීන් පැවසූවේ සියදිවි නසාගත් තරුණයාගේ ප්‍රේමවන්තිය මීට දින 50 කට පෙර සියදිවි නසාගෙන ඇති අතර, ප්‍රේම සම්බන්ධතාවයක ඇති වු ගැටළුවක් මත අදාළ තරුණිය සියදිවි නසාගෙන තිබු බවයි.ප්‍රේමවන්තිය මියගිය ශෝකයෙන් කාලය ගත කළ තරුණයා ප්‍රේමවන්තිය මියගොස් දින 50 ක් ගතවු දිනයේ සියදිවි නසාගෙන ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.
මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)