ප්‍රේම සම්බන්ධය නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් වූ පෙම්වතියගේ ඥාතීන් විසින් ඊයේ (23) දින කිළිනොච්චිය, විනයාගපුරම් ප්‍ර්දේශයේ තරුණයෙකුගේ අතක් කපා දමා තිබෙනවා.

වයස අවුරුදු 18ක් වන සෙන්තිල් කුමාර් තනුජන් නමැති මෙම තරුණයා සිදුවූ බරපතල තුවාල හේතුවෙන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා.

මෙම තරුණයා එප ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, දෙදෙනාම පාසල් සිසුන් නිසා එම සම්බන්ධයට පෙම්වතියගේ පාර්ශ්වයේ ඥාතීන් විරුද්ධ වී තිබෙනවා.

ඒ හේතුවෙන් වහාම එම සම්බන්ධය නවත්වන ලෙසට අවස්ථා කීපයකදීම අදාල තරුණයාට දැනුම් දී ඇතත් ඔහු එය නතර නොකිරීම හේතුවෙන් කෝපයට පත් පෙම්වතියගේ ඥාතීන් පිරිසක් තරුණයාට පහර දී පසුව තියුණු ආයුධයකින් ඔහුගේ අත කපා දමා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිළිනොච්චිය පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here