පානදුර නගරය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගිනි ගැනීමක් වාර්තා වුණි.මෙම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර අද උදෑසන හතයි තිහට පමණ මෙම ගිනි ගැනීම සිදුවිය.
මෙම ගිනි ගැනීම පාලනය කිරීම සඳහා මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබුණු අතර,ඒ වන විටත් එම වෙළඳසැලේ තිබූ ක්‍රීඩා භාණ්ඩ රාශියක් ම ගිනිගෙන විනාශ වී ඇත.
මෙම ගිනි ගැනීමක් ගැනීමක් කෙසේ සිදු වූයේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවු පාඩුව ද ගණන් බලා නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(සම්පත් කුලරත්න – කළුතර)