පානදුර මුහුදු වෙරලේ (08) පස්වරුවේ විනෝදයට දියනාමින් සිටී තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව ගසාගෙන ගොස් එක් තරුණයෙකු අතුරුදන්ව, අනෙක් තරුණයා බේරාගෙන ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් රිහාන් නමැති 23 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කීය.

අතුරුදන්ව ඇති තරුණයා ඇතුළු මිතුරන් පස් දෙනෙකු පානදුර ළමා උද්‍යානය ඉදිරිපිට මුහුදේ දියනාමින් සිටියදී තරුණයන් දෙදෙනකු ගසාගෙන ගොස් ඇති බව සදහන් වේ.

පසුව පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරින් දෙදෙනකු ව්සින් එක් තරුණයෙකු බේරාගෙන ඇති අතර, අනෙක් තරුණයා රළ පහරට හසුව එක්වරම නොපෙනී ගිය බව ජීවිත ආරක්ෂක නිළධාරියෙක් පැවසීය.

අතුරුදන්ව ඇති තරුණයා සොයා පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිළධාරින් රාත්‍රියේත් පානදුර වෙරලේ නිරීක්ෂණය කරමින් සිටින බව ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කලේය.

බේරාගෙන ඇති තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට යොමුකර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here