පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කලායැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයෙන් තුන් වතාවක් ඇන බරපතල තුවාල සිදු කළ සිද්ධියක් වාර්තා වෙනවා.

ඊයේ සවස අළුත්ගම පොලිස් වසමේ දන්වත්තගොඩ, පැණිබැඳිගොඩ ප්‍රදේශයේ පදිංචි අසල්වාසීන් දෙපිරිසක් අතරඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එක්ක අයෙකු තවත් අයෙකුට බෝතලයක් කඩා ගෙළ ප්‍රදේශයට පපු ප්‍රදේශයට සහ පිට ප්‍රදේශයට තුන්වතාවක් ඇණ බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය ප්‍රකාශ කරයි.

දෙපිරිසම ජලය පානය සඳහා යොදා ගන්නා ළිඳ තුළට ඊයේ උදෑසන කුකුලෙකු වැටී මියගොස් තිබේ.ඉන් පසුව එක් පාර්ශවයක් තවත් පාර්ශවයකට මෙම කුකුළා ඉවත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව එම කුකුළා ඉවත් කිරීම එක් පාර්ශවයක් ප්‍රතික්ෂේප කොට ඇත.එහිදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වයස අවුරුදු 29 වියැති පුද්ගලයකු වයස අවුරුදු 52 වියැති අසල්වැසි පුද්ගලයාට අසල තිබූ බෝතලයක් කඩා පිට ප්‍රදේශයට, ගෙල ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇණ බරපතල තුවාල සිදු කොට ඇත.

මෙසේ බරපතළ ලැබූ වයස අවුරුදු 52 වියැති පුද්ගලයා මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ බරපතල තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

විසි නව හැවිරිදි පුද්ගලයා ප්‍රදේශයේ සැඟව සිටියදී අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂ නිලධාරීන් සහ අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

අත්අඩංගුවට පත් සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(සම්පත් කුලරත්න – කළුතර )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here