කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන්  අද (06) වනදා  මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම  පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි  නැමැති පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

ඇය පාසලේ උදෑසන රැස්වීමේදී  කලාන්තය සෑදී  වැටී ඇති අතර පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here