ජයේ වැටුපෙන් යම් කිසි ප්‍රමාණයක් කපා හැරීම හා ජීවන වියදම පදනම් කරගනිමින් සිදු කළ විරෝධතාවලට ආරක්ෂක අංශ මැදිහත් වීම නිසා පැපුවානිව්ගිනි රාජ්‍යයේ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ අනුව වීදි බැසපු ජනතාව සුපිරි වෙළඳ සැල් කොල්ලකමින් ගොඩනැගිලි හා රථ වාහනවලට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ ගැටුම් හේතුවෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ එරට අග්‍රමාත්‍යවරයා ජාතිය අමතමින් පවසා ඇත්තේ නීති විරෝධීව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන බවයි.
ඒ අනුව හමුදා භට පිරිස්ද තත්ත්වය පාලනය කිරීමට යෙදවූ අතර මේ වන විට තත්ත්වය පාලනය වී තිබේ.