කැත්තකින් පහරදීමෙන් රන්න වාඩිගල ප්රදේශයේ තරුණයකු ඝාතනය කර ඇතැයි හුංගම පොලීසිය කියයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ රන්න වාඩිගල පදිංචි එච්. සජිත් දිල්ෂාන් නමැති 26 හැවිරිදි තරුණයකු බවට හඳුනාගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා හා සැකකරු අතර කාලයක සිට ආරවුලක් තිබී ඇති අතර මියගිය පුද්ගලයා අද පස්වරුවේ කැත්තක් රැගෙන සැකකරුගේ නිවෙසට ගිය අවස්ථාවේදී සැකකරු එය රැගෙන පහරදී ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුගේ නිවෙසේ මිදුලේ ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුර වැටී තිබිණි. පොලිසිය සිද්ධිය වූ ස්ථානයට යනවිටත් සැකකරු නිවෙසේ රැඳි සිට ඇත.
සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(තංගල්ල – සහම්පති මානගේ)