Connect with us

Politics

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි – ජනපති

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බවද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ.

උපාධි අපේක්ෂකයන් සඳහා පර්යේෂණාගාර, දේශන ශාලා, පරිගණක විද්‍යාගාර හා වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන අතර AI හා GIS තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 750කි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

වැවිලි කර්මාන්තය සඳහා පුහුණු ආයතනයක අවශ්‍යතාව තිබුණෙ 1978 වසරේ සිටයි. එදා එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ ආසනය වන මේ ප්‍රදේශයේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා. එදා මේ ප්‍රදේශය මේ තරම් නාගරික කරණය වී තිබුණේ නැහැ. මෙම ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිකිරීම් ආරම්භ කළා. ඉන්පසුව පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා.

මෙම ආයතනය දියුණු කරන අතරම මෙහි එක් මණ්ඩපයක් වැවිලි කලාපයට ගෙන යාම ඉතා කාලෝචිත බව කිව යුතුයි. මහනුවර, මාතලේ වැනි ප්‍රධාන බෝග සියල්ලම වගා කෙරෙන දිස්ත්‍රික්කයක මෙහි මණ්ඩපයක් විවෘත කිරීම ඉතා වැදගත් වෙනවා. මට මතකයි මෙම ක්ෂ්ත්‍රයේ කටයුතු කළ මගේ මිත්‍රයන්ට පුහුණුව ලැබීමට නුවරඑළියට යාමට සිදු වුණා. අපේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී මෙවැනි ආයතන තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය අද යළි ගොඩනැගෙමින් තිබෙනවා.

මෙම තත්ත්වයට පත්වීමට අපට අවස්ථාව ලැබුණේ කෘෂිකර්මාන්තය නිසයි.

මම රට භාරගනිද්දි රටේ කෘෂි නිෂ්පාදනයක් සිදු වුණේ නැහැ. ඒ වගේම යුරෝපා ආර්ථිකය ද පහත බැස තිබු නිසා අපේ ඇඟළුම් කර්මාන්තයට අපනයන අවස්ථා තිබුණේ නැහැ.

ඒ නිසා පළමුව අපි මෙරට වී වගාව දියුණු කිරීමට කටයුතු කළා. 2022, 2023 යන වසරවල යල කන්න සහ 2023 වසරේ මහ කන්නය සාර්ථක වීම නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට අපට අවස්ථාව ලැබුණා. ඒ අනුව කෘෂිකර්මය නිසා මූලික වශයෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වු බව කිවයුතුයි.

දැන් අප මෙරටට ණය ලබාදුන් රටවල් සහ අනෙකුත් පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම පළමු සාකච්ඡා වටය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය දියුණු කිරීමේ අභියෝගයට අප මුහුණ දිය යුතුයි. ඒ වගේම අප ලබාගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. අපට ලැබී ඇත්තේ ණය ගෙවීමට සහන කාලයක් පමණයි. ඒ නිසා එයින් ඈත්වීමට හැකියාවක් නැහැ. ඒ වගේම අපට හැමදාම ණය ලබාගෙන ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මෙරට ආර්ථිකය අපනයන ආර්ථකයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් ඊයේ (13) කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. දැන් අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කළයුතුයි.

ඓතිහාසිකවම අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්ව තිබුණා. සිංහල රජ සමයේ ධාන්‍ය වර්ග වගා කළා. ඒ වගේම තෙත් කලාපයේ කුළු බඩු වගා කළා. සුදු ජාතිකයන් පැමිණීමෙන් පසු තේ, පොල්, රබර් වගා කළා. නමුත් නිදහසින් පසු අප රටක් ලෙස එතනින් ඉදිරියට ගියේ නැහැ. නිදහසින් පසු සිදු වුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ අප සහලින් ස්වයංපෝෂිතවීම පමණයි.

දැන් අප කටයුතු කරන්නේ රට තුළ කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමටයි. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන අපනයන බෝග බවට පත්ව තිබුණා. නමුත් සුදු ජාතිකයන් පන්නා දමා අප වතු අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් කෙන්නියාවට ගොස් තේ වගා කර දැන් අපට තරගයක් ලබා දී තිබෙනවා. වියට්නාමයේ රබර් වගා කර අප රට සමඟ තරග කරනවා. ඒ නිසා මෙම තරගකාරිත්වයට මුහුණදීම සඳහා අප වැවිලි කර්මාන්තය පරිවර්තනයකට ලක් කළයුතුයි.

දැන් අපට අවශ්‍ය වතු හා වැවිලි කර්මාන්ත නොවෙයි, කෘෂි ව්‍යාපාරයක්. අපේ වතු කෘෂි ව්‍යාපාර බවට පත් කර නිෂ්පාදන ඉහළ නංවා ගත යුතුයි. තේ, රබර් බෝග වගාවන් දියුණු කළ යුතුයි. ඒ සඳහා වන වෙළෙඳපොළ ජය ගත යුතුයි. අද අපේ තේ කර්මාන්තය විවිධාංගීකරණය වෙලා තිබෙනවා. සමාගම් රැසක් එහි සාර්ථකව කටයුතු කරනවා.

අප මෙරට සම්ප්‍රදායික බෝග වගාව දියුණු කළයුතුයි. කොකෝවා , කුරුඳු ඇතුළු අනෙකුත් කුළු බඩු ද නැවත වගා කළයුතුයි. ඒ වගේම නව බෝගවලට යොමු විය යුතුයි. එහිදී පළමුව නව තාක්ෂණික කළමනාකරණය මෙම ක්ෂේත්‍රයට ගෙන ආ යුතුයි. දෙවනුව කුඩා වතු හිමියන් ද මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක් කර ගනිමින් එම නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුයි.

ග්‍රාමීය ජනතාව අතර දුප්පත්කම නැති කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණයි. ඒ නිසා අප දැනට තිබෙන බෝගවලින් සහ භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මෙන්ම නව ඉඩම් අක්කර ලක්ෂ 05ක වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අපට නවීන කෘෂිකර්මාන්තයක් සහ නවීන කෘෂි ව්‍යාපාරයක් අවශ්‍යයි. කෘෂිකර්මාන්තය මෙරට ප්‍රධාන අපනයන අංශයක් බවට පත් කළයුතුයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනය කර තිබෙනවා. එම වැඩිවන ලෝක ජනගහණයට අවශ්‍ය ආහාර වෙළෙඳපොළට සැපයීම සඳහා අප සුදානම් විය යුතුයි. එසේ නම් පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට අලුත් කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් අප රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන ආ යුතුයි. මෙහිදී අදාළ ආයතන අතර තිබෙන බාධක සියල්ල නව නීතියකින් ඉවත් කර සියලුදෙනා එකට වැඩකරන පරිසරයක් ඇති කිරිමට මම බලාපොරොත්තු වෙනවා.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් පසුගියදා (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

1893 දී නවසීලන්තය ට සහ 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබාදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පරම කැපවීම පිළිබඳ සාඩම්බර වාර්තාවකට දෙරට හිමිකම් කියන බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

1958 දී කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයට ස්තූතිය පළ කළ අතර එය වැඩිදියුණු කිරීම සඳහා සහාය ඉල්ලා සිටියේය.

නවසීලන්ත කථානායකවරයා ශ්‍රී ලංකාවේ ඉක්මන් ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ප්‍රශංසා කළ අතර තම රටෙහි අඛණ්ඩ සහයෝගීතාව සහතික කළේය.

සංචාරක, වරාය සහ නාවික, ධීවර හා කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල විභවයක් ශ්‍රී ලංකාවට ඇති බව ඔහු පැවසීය.

කිරි නිෂ්පාදන අංශය, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති විය හැකි සහයෝගීතාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.

නවසීලන්ත දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාලෝස් වියුන්ග්, (Carlos Cheung), ඇන්ඩි ෆොස්ටර් (Andy Foster), කුෂ්ලා ටැන්ගරී – මැනුවල් (Cushla Tangaere – Manuel), ලෝරන්ස් ෂු-නැන් (Lawrence Xu-nan), නිකෝ හෙනෙවෙල්ඩ් (Nico Henneveld), නවසීලන්ත පාර්ලිමේන්තු උපදේශක සහ මහ කොමසාරිස් ඩේවිඩ් පයින් ද ඇතුළත් විය.

Continue Reading

Politics

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ලසන්ත අලගියවන්න

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Continue Reading

Politics

ලලිතුයි තිලකුයි, සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් , සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (10)  මේ බව පවසා තිබුණා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව චරිත හේරත් මහතා මෙහිදී අවධාරණය කළා.

Continue Reading
Advertisement
Hot News1 hour ago

අම්බානි, තම පුතුගේ වෙඩින් එකට නාමල්ටත් එන්න කියලා !..

World2 hours ago

ජෝ බයිඩන් රෑ අට වෙද්දි නිදා ගන්නවා ?

Hot News2 hours ago

Watch : දැඩි ආරක්ෂාව මැද තිබුණු ක්ලබ් වසන්තගේ දේහය මහජන ගෞරවයට රැගෙන එයි

World3 hours ago

නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65 දෙනෙකු අතුරුදන්

Politics4 hours ago

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව

Hot News4 hours ago

ජනාධිපතිවරණය කල්දාන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්

Hot News5 hours ago

නුවරඑළිය මහ නගර සභාවේ බවුසරයට දෙදෙනෙකු යටවෙයි

Hot News5 hours ago

ක්ලබ් වසන්ත එළොව යන හැටි ලොකු පැටී සජීවීව බලලා

Hot News5 hours ago

ඩුබායි රටේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවට

Hot News5 hours ago

සරසවි විධායක නිලධාරීන් වර්ජනය අත්හරී

Hot News6 hours ago

ක්ලබ් වසන්තගේ දේහය තවම මහජන ගෞරවයට නැහැ -තැන්පත් කරන තැනත් වහලා දාලා

Hot News6 hours ago

වෑන් රථයක් ලොරියක ගැටේ – කාන්තාවක් මරුට , 3 කට බරපතලයි

Hot News8 hours ago

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Weather8 hours ago

අදත් ප්‍රදේශ කිහිපයක වැසි තත්වයේ වැඩිවීමක්

Hot News18 hours ago

කංජිපානිගෙන් ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ හිමිකරුට තර්ජන

Hot News18 hours ago

දුම්රිය වැඩවර්ජනය අවසන් වෙයි

Hot News21 hours ago

දුම්රිය වර්ජනය අඛණ්ඩව

Article21 hours ago

“වැඩට ආවට” වැටුප් වර්ධක – සහතික දීම ඇණකොටා ගන්න වැඩක් වෙයි – (කුසල් පෙරේරා)

Sports22 hours ago

Watch : වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

Hot News22 hours ago

ක්ලබ් වසන්තට ඔහුගේ උපන්ගම වන නුවරඑළිය ජනතාවගෙන් ශෝක සටහන්

Politics23 hours ago

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ලසන්ත අලගියවන්න

Hot News23 hours ago

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් හෙට ඇරඹේ

Hot News23 hours ago

වැඩ වර්ජනය කළ සියළුම දුම්රිය සේවකයින් තනතුරුවලින් ඉවතට

Article24 hours ago

අද වැනි දිනක, කපිතාන් අලදෙණිය ඇතුළු සෙබලුන්ට දිවි අහිමි කළ කොකාවිල් ලතෝනිය!

Hot News1 day ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Politics1 day ago

ලලිතුයි තිලකුයි, සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙයි

Hot News1 day ago

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

Hot News1 day ago

හිරුණිකාගේ ඇප ඉල්ලීම 15 වෙනිදාට කල් යයි

Hot News1 day ago

නීතිපති ධූරයට පාරින්ද රණසිංහ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභා අනුමැතිය

Hot News1 day ago

දිය ඇල්ලකින් වැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News1 day ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News1 day ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News2 days ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News3 days ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News3 days ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News4 days ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News4 days ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News4 days ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News5 days ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News6 days ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News6 days ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News6 days ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News1 week ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News1 week ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News1 week ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News1 week ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News2 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports2 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News2 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News2 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News3 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics3 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports3 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Hot News3 weeks ago

Watch : රියදුරා නොමැතිව ලොරි රථයක් ධාවනය වෙයි

Hot News3 weeks ago

Watch : සජිත්ට ඡන්දේ දීලා වරද්ද ගන්න එපා

Hot News3 weeks ago

Watch : ලොරියක් බවුසරයක ගැටී දරුණු අනතුරක් දෙදෙනෙක් රෝහලේ

Politics3 weeks ago

Watch : ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන ව්‍යාපාරයක්

Sports3 weeks ago

Watch : ලංකාවට ආපු වනිඳුට හොඳටම මළපනී

Advertisement

Categories

Trending