ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කල විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ අපරාධයකට සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව විදේශිය නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පෑනක ආකාරයෙන් සකස්කර ඇති විශේෂිත ගිනි අවියක් සහ 9mm වර්ගයේ උණ්ඩ 01 ක් සහ 9mm වර්ගයේ උණ්ඩ හිස් කොපුවක් සන්තකයේ තබාගෙන කිසියම් අපරාදයක් සදහා සැරසුනු යක්කල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක හා 33 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යක්කල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

(අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here