නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ ගරාජයේ තිබී හමු වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවෙක්.

මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් පොලිසිය මගහරිමින් සැඟව සිට ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු නාරහේන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිට පිටතට පැමිණෙමින් සිටියදී මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

සැකකරු මෙම වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිය භාරයට ගැණුනා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීමත් සමග ඔහු එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බවයි.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here