පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයෙන් හමු වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු නම් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී තරුණ ගුරුවරයෙකි.

ඔහු කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති පොලිසියට තොරතුරු ලැබී ඇත.

අදාල ගුරුවරයා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර ඒ අතරතුර ඔහුගේ මළ සිරුර මෙලෙස හමු වූ බවද පොලිසිය පවසනවා.

මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර තිබෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here