පේරාදෙණිය විශ්වවිද්යාලයීය ගවේෂකයින්ගේ සංගමය මගින් 14 වන වරටත් සංවිධානය කරනු ලබන හිමාලයානු ගවේෂණය සඳහා සහභාගී වන විද්යාර්ථයින් කණ්ඩායම අප්රේල් මස 08 දින දිවයිනෙන් පිටත්ව ගියහ. 

සිසුන් පස් දෙනෙකුගෙන් හා එක් සිසුවියකගෙන් සමන්විත එම ගවේෂක කණ්ඩායම වෙනුවෙන්  ආශිර්වාද එක් කිරීමේ සෙත් පිරිත් දේශනයක් (08) දින උදෑසන විශ්වවිද්යාලයීය සනාතන මන්දිර පරිශ්රයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සදහා  පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා, නියෝජ්ය උප කුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් මහතා, ගවේෂකයින්ගේ සංගමයේ ජ්යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය ජගත් ගුණතිලක  මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් සහභාගී විය. එසේම හිමාලයානු ගවේෂණය සදහා එක්වන  කණ්ඩායමේ  නිල චායාරූපය ගැනීම හා එම පිරිසට නිල වශයෙන් විශ්වවිද්යාලයේ  සුභාශිංශන එක් කිරීම ද මෙම අවස්ථාවේදී සිදු වූහ.

අප්රේල් මස 08 දින සිට මැයි මස 09 වන දින දක්වා දියත් කරණු ලබන මෙම හිමාලයානු ගවේෂණ කණ්ඩායමේ නායකත්වය පේරාදෙණිය විශ්ව විද්යාල ඉංජිනේරු පීඨයේ ශිෂ්ය හර්ෂ ධර්මප්රිය විසින් හොබවනු ලබයි.

(කමල් සුරවීර – මහනුවර) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here