ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරයෙකු ඊයේ (22) පෙරවරුවේ මියගොස් ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති මහාචාර්වරයා (22) අලුයම 1.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර තිබේ. මියගොස් ඇත්තේ බී.එල්.පීරිස් නැමැති 60 හැවිරිදි ආචාර්යවරයෙකි.
මහචාර්වරයා ගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන අතර මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බව පොලීසිය පවසන අතර මෙම ආචාර්යවරයා මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවද සඳහන් වේ.
(කමල් සුරවීර – මහනුවර)