නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 12,066ක් පොදු සමා කාලයේ සති තුනක් තුළ ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා අප්‍රේල් 20වැනිදා සිට මැයි 20 දක්වා මාසයක කාලය තුළ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
එම ප්‍රකාශිත පොදු සමා කාලසීමාවේ සති තුනක් අවසානයේ එනම් අප්‍රේල් 20වැනිදා සිට මැයි 11වැනිදා දක්වා කාලය තුළ, 2023 දෙසැම්බර් 31දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයින් 11,985දෙනෙකු ඔවුන්ට අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු සිදු කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි.
එසේම නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 81දෙනෙකුද මෙම කාලසීමව තුළ යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සදහා කටයුතු සිදු කර ඇත.