පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමින් මෙම නියෝගය දෙනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here