කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැරසිටි වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ. ආර්. බන්දුසේන යන සැකකරු නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා විසින් නියෝග කළේය.

මෙසේ අධිකරණය මගින් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරණු ලැබුවේ කැප්පෙටිපොළ නගරයේ පදිංචී වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ. ආර් බන්දුසේන රාජා යන සැකකරුය.

බණ්ඩාරවෙල අධිකරණ වල නිති කටයුතු සිදුකරණ නිතිඥ විශ්වනාත් ආර්. කුලතංග මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

වැලිමඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබෙිවික්‍රම අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධියවු ඔක්තොම්බර් මස 24 වන දින පස්වරුවේ වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ගුණරත්න (37372) හා පොලිස් කොස්තාපල් අයින්කරන් (102770) යන නිළධාරින් දෙදෙනා ජංගම රාජකාරියේ නියැලි සිටියා.

කැප්පෙටිපොළ නගරයේ හපුතලේ මාර්ගයේ බස් නැවතුම ආසන්නයේ ඇති පදික මාරුව මත මෝටර් රථයක් නතරකර තිබෙනු දැක ඒ පිළිබඳව රාජකාරිමය සොයා බැලිමක් කර තිබෙනවා.

එම අවස්ථාවේ මෙම සැකකරු එම ස්ථානයට පැමිණ මගේ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ලංකා බැංකුවේ කළමණාකරුගේ වාහනය මෙසේ නතරකර ඇති බවත් එම නිසා රාජකාරි නොකරණ ලෙසට පහත් වචන පවසමින් බැණ තර්ජනය කර තිබෙනවා.

මෙම සිද්ධිය ගැන අදාල නිළධාරින් විසින් පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදුකළා. මේ පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනිමට පොලිස් නිළධාරින් කිහිප විටක්ම මොහුගේ කැප්පෙටිපොළ නගරයේ පිහිටි නිවසට ගියා. නමුත් ඔහු පොලිසිය මගහැර සිටියා.

මෙම සිදුවිම පිළිබඳව මෙයට පෙර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙයට පෙරද වැලිමඩ මුලික රෝහලේ වෛද්‍යවරයකුටද මෙවන් අන්දමට හැසිරිමක් පිළිබඳවද අධිකරණයේ නඩුවක් පැවතුනා.

මේ අන්දමට දිගින් දිගටම මෙම සැකකරු රජයේ නිළධාරින්ගේ රාජකාරියට බධාකරන්නෙකු නිසා ඇපදිමට විරුද්ධ වෙන අතර මෙම සැකකරුගෙන් ප‍්‍රකාශයක් ගැනිමටපොලිස් පරික්ෂක තුසිත කුමාර යන අයට අවසර දෙන ලෙසට බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරණ ලෙසටත් ඉල්ලා සිටින බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

සැකකරුගේ නීතිඥ විශ්වනාත් ආර්.කුලතුංග මහතා මෙම සැකකරුට එරෙහි පවතින බී වාර්තාවකින් කරුණු වාර්තාකර ඇති නඩුවට ඉදිරිපත් නොවුනේ ඩුබායි රටේ විදෙස් සංචාරයක නියැලිම නිසයි. එනිසා අද දින (20) මොසමක් ගොනු කරමින් මෙසේ ඉදිරිපත් වෙනවා.

සිද්ධිය ගැන බලවත් කණගාටුව ප‍්‍රකාශ කරණ අතර ඕනෑම ඇප කොන්දේසියක් මත සැකකරු අධිකරණයෙන් මුදාහරින ලෙසට ඉල්ලා සිටිනවා.විනිසුරු පී.ජයසේකර මහතා සැකකරු විදෙස් සංචාරය නිමාකර නැවත පැමිණ දිගුකාලයක් ගත වෙනවා. එම මුල් අවස්ථාවේම අධිකරණයට ඉදිරිපත්විමට හැකියාව තිබියදි ප‍්‍රමාදව ඉදිරිපත්විම පිළිබඳව විශ්වාසයක් තැබිමට හැකියාවක් නොමැති නිසා සැකකරු දෙසැම්බර් 04 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමටත් සැකකරුගෙන් ප‍්‍රකාශයක් ගැනිමට වැලිමඩ පොලිසියේ පොලිස් පරික්ෂක තුසිත කුමාරට ඉඩදෙන ලෙසට බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාටත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here