එප්පාවල – කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද (4) අනතුරක් වී තිබෙනවා .

සිදුවූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් කල මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, කුඩා බිළිදෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බවයි එප්පාවල පොලිසිය ප්‍රකාශ කරන්නේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. චන්ද්‍රලතා නැමැති 58 හැවිරිදි සිව් දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නැමති 38 හැවිරිදි තිදරු මවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here