යාපනය, කයිට්ස් මණ්ඩතිව් පොලිස් මුරපොළේ රාජකාරියේ  නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට  භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලක‍ළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් ඊයේ(10) රාත්‍රියේ පොලිස් මුරපොළට එලෙස භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පළාගොස් තිබිණ.

සැකකරුවන් එල්ල කළ භූමිතෙල් බෝතලයක් පොලිස් මුරපොළ භූමියට වැටී ගිනිගෙන තිබි ඇති අතර,අනෙක් භූමිතෙල් බෝම්බ මාර්ග තැන තැන වැටී ගොස් තිබු බවද පොලිසිය පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,අනෙක් සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවයි.

සිද්ධියෙන් පොලිස් නිළධාරීන්ට කිසිදු හානියක් සිදුව නොතිබු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළහ.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here