පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ හිටපු උප නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා මිනුවන්ගොඩ අධිකරණයෙන් බඩල්ගම පොලිසිය වෙත අවසර ලබා දෙයි.

මෙම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී බඩල්ගම පොලිසිය වෙත පාපොච්චාරණය කර ඇත්තේ ඔහුට කාන්තාවක් මත්ද්‍රව්‍ය ලබා දෙන බවටය.

වහාම ක්‍රියාත්මක වුණු බඩල්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙම කාන්තාව සොයා සීදුව ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.

කුලියට ලබාගත් නිවසක මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවෙක් වෙන එම කාන්තාව අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කාන්තාවගේ කුලියට ලබාගත් නිවස පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 160 ක් සොයා ගැනීමට බඩල්ගම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකාරිගේ වයස අවුරුදු 35 ක් පමණ බව බඩල්ගම පොලිසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කාන්තාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024-05-08 දක්වා මීගමුව අධිකරණයෙන් රැදවුම් නියෝග ලබාදී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.

බඩල්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here