ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම සඳහයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්මින් මේ මස අග සිට ආරම්භ කිරීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here