මේ වෙලාවෙ ජනාධිපති තුමා ජනාධිපති වරණයකට ඉදිරිපත් වෙනවනම් අනිවාරයෙන්ම සහයෝගයක් දියයුතුයි. යැයි පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතා කියා සිටී.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ 2024 වර්ෂයේ පළාත් නිශ්චිත ප්‍රධාන වැඩසටහන යටතේ යෝජිත පුත්තලම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රි වරයා පවසා සිටියේ.
ජනාධිපති තුමා ඇත්තටම යම්කිසි ස්ථාවර මට්ටමකට අස්ථාවර වෙච්ච ආණ්ඩුවක් ගොඩ නැගුවා ඒ අස්ථාවර වෙච්ච ආණ්ඩුව අපි ඔක්කෝම එකතු වෙලා ගොඩ නැගුවා මේ වේලාවෙ ඇත්තටම සුදුසු බෙදීම නෙවෙයි මේ වේලාවේ ජනාධිපති තුමා හැටියට එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවනම් ඇත්තටම අපි සහයෝගයක් දියයුතුයි. අපිත් ඇත්තටම දේශපාලන වශයෙන් ගත්තාම කොළ පාට කියන එක අපේ ඇගේ තිබ්බෙම නෑ. අපේ අතකින් එහෙම ඡන්දයක් ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. නමුත් දේශපාලන පක්ෂයක් හැටියට මම පක්ෂය තුළ ඉන්නවා. පක්ෂයෙන් ගන්න තීන්දුවත් එක්ක තමයි මම ක්‍රියාත්මක වෙන්නෙ නමුත් අර කියන කාරණා මම දකින දේ ගම ඇතුලෙ බෙදීමක් උනොත් ඒක ලොකු අපරාධයක් ඒ නිසා මේ රටේ 88, 89, 71, 72 කාලේ මිනී මරපු සංවර්ධනය නැති කරපු තරුණ තරුණියන්ගෙ ජීවිත අහිමි කරපු මේ කාල කන්නි නඩයට දෙනවද…? මිනිස්සුන්ට හිතන්න තියෙන්නෙ ඒකයි. ටොෆියක්වත් දීපු නැති මිනිස්සු. මේ වෙන කොට රටේ තිබ්ච්ච අස්ථාවර තත්ත්වය වෙනස් වෙලා. ඉතිරි කිරීම ඇති වෙලා ඒදා හාරසිය ගණන් වලට ගිය ඩොලර් එක අද තුන්සිය ගණන් වලට පහළට වැටිලා ඉතිං රටේ මිනිස්සුන්ට ඕකනෙ අවශ්‍යතාවය තියෙන්නෙ. දැන් සංවර්ධනය පටන් අරගෙන ඒ නිසා අපි රටේ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න ඕනෙ. අපි රටේ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න පාර්ලිමේන්තුවට ගියෙ. අපිව පාර්ලිමේන්තුවට ඇරියෙ අවශ්‍යතාවය ඉෂ්ඨ කරන්න එහෙනම් අපි ඉන්න ඕනෙ.
පාර්ලිමේන්තුව විසුරුවනවා කියන්නෙ ලොකු අසාධාරණයක් අපිට කරනවා. හේතුව තමයි දැන් අපිට තියෙන පාර්ලිමේන්තු ධූර කාලය තව අවුරුද්දක් එහෙම්ම තියෙනවා. ඒ අවුරුද්දක් තියෙද්දි අපිව විසුරුවනවා කියන්නෙ ඒක ලොකු අපරාධයක් දැන් මේ රටේ ඉස්සෙල්ලාම අරගල ගෙනල්ලා මේ රට නැති භංගස්ථාන කරන්න හදපු මිනිස්සු රටේ සංවර්ධනයක් යනවනෙ. නමුත් ඒ සංවර්ධනය කරන්නෙ ගමේ මිනිස්සුන්ට රටේ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ට යන්න පාර නෑ. යන්න පාලම නෑ. ජනාධිපති තුමා සල්ලි දුන්නා. එව්වත් එක්ක අපි දැන් මේ වැඩ කරනවා. මිනිස්සුන්ට මිනිස්සුන්ට මේ ඡන්දෙ නෙවෙයි උවමනාව තියෙන්නෙ. රටේ මිනිස්සුන්ට වැඩ කරන්නයි ඕනෙ. රටේ මිනිස්සුන්ගෙ ආර්ථීක ප්‍රශ්ණයක් තියෙනවනෙ. ආර්ථිකයට උත්තරයක් ඕනෙ. ඉතිං ඡන්දෙ තිබ්බයි කියලා ආර්ථිකයට උත්තරයක් එනවද ඡන්ද තිබ්බාම වෙන්නෙ ආර්ථිකය නැති වෙන එකයි. ඉතිං ඒක නිසා රටේ මිනිස්සුන්ට නෙවෙයි ප්‍රශ්ණෙ තියෙන්නෙ. ඔය කුහක දේශපාලන කල්ලි වලට තමයි ඡන්ද තියා ගන්න උවමනාව තියෙන්නෙ. මුන්ට රට භාර ගන්න කියද්දි හැංගිලා හිටියා දැන් එළියට ඇවිල්ලා කියනවා අපිට ඡන්දයක් ඕනෙ ඡන්දයක් තියන්න කියලා.
ඒ අනුව 2024 වර්ෂයේ පළාත් නිශ්චිත ප්‍රධාන වැඩසටහන යටතේ රජය විසින් වෙන් කෙරුණ රුපියල් 8,328,563.13 මුලම්ය ප්‍රතිපාදන යටතේ යෝජිත පුත්තලම ප්‍රදේශයේ
ආරච්චිවිල්ලුව, 03 කණුව ආසිරිගම, වේළුසුමන බෝගස් හංදිය ආදි මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක සංවර්ධන කටයුතු සමාරම්භක අවස්ථාව මන්ත්‍රිවරයාගේ සුරතින් සිදු කෙරුණ අතර, පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීම සිදු කෙරුණි.
(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)