ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වීමට නියමිතයි.
ඒ, එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.
විධායක සභා රැස්වීමේදී – පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිතය.