අද අළුයම බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගැනීමේ සිද්ධියක් බේරුවල පොලිසියෙන් වාර්තා වෙයි.

ව්‍යාපාරිකයකු වන එම පියා ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අළුයම් කාලයේ සොයා බැලීමක් පිළිබඳව බේරුවල ධීවර වරායට යන අතරතුර ,බේරුවල දෙස සිට පැමිණි ඔහුගේ පුතා බේරුවල පොලිස් ස්ථානය අසලදී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහුගේ පියාගේ බව හඳුනාගෙන ඔහු පැදවු කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා මෝටර් රථයට හානි සිදු කොට ඇත. පුතා පැමිණි වෑන් රථයට ද හානි සිදුව ඇත.මෙම අනතුරින් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධියට මුහුණ දුන් මෝටර් රථය සහ වැන් රථය මේ වන විට බේරුවල පොලිසිය බාරයේ පවතින අතර,සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here