බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත් එයට හේතුව මැතිවරණ ඉලක්ක කර ගෙන දේශපාලනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන බල ප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සදහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල්වලට සුහුරු පන්ති නොමැති වෙන අවස්ථාවේ මෙවැනි මුදල් තොගයක් නාස්ති කැන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here