රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්රස්තවාදයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ආර්ථික ත්රස්තවාදීන් හොර කල්ලි මැර කල්ලි ගජමිතුරුන් සමග අත්වැල් බදගෙන රට බංකොලොත් කර ලෝකය වටේ සවාරි යමින් ජනතාවගේ ජනදුක පිළිබඳ කිසිදු හැගීමක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන විරෝධය පළ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනජීවිත බිල්ලට ගෙන ජනතාව විදින දුක කදුල වේදනාව ගණන් නොගෙන ජනතාව මුහුණ දෙන තාඩන පීඩන ගණන් නොගෙන රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යන බවත් රටේ ජනාධිපති වී මාස 17ට සවාරි 18ක් ගොස් ඇති බවත් අයවැයෙන් වෙන් වූ මුදල ප්‍රමාණයවත් නොවූ නිසා තවත් මිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.