Sports

බංග්ලාදේශයට ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් හා නොදැවී පන්දුවට පහරදුන් සධීර සමරවික්‍රම ලකුණු 61 ක් හා චරිත් අසලංක ලකුණු 44 ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 207 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version