යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ ආපන ශාලාවකින් මිලට ගත් බත් පාර්සලයක හැකරැල්ලෙකු සිටීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන අතර අදාළ වෙළදසැල් අයිතිකරුට රුපියල් 45000ක දඩයක් නියම කළ යාපනය අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව අවසන් වන තුරු ආපන ශාලාවට මුද්‍රා තබන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර ඇත.
බත් පාර්සලය මිලට ගත් පුද්ගලයා එය නිවසට රැගෙන ගොස් ඇති අතර ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එම පාර්සලය තුළ හැකරැල්ලෙකු දැක ඇති බවයි සඳහන් වන්නේ.
පසුව ඔහු මේ පිළිබදව තිරුණවේලී ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.
නිලධාරීන් පැමිණ සිදු කළ පරීක්ෂණවලින් පසුව ආපන ශාලාවේ අපිරිසිදුභාවයට වෙනම නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ නඩු දෙකම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා හැකරැල්ලකු සිටීමේ සිද්ධියට පමණක් රුපියල් 45000ක දඩයක් නියම කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙන බව ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ජූනි මස 10 වෙනිදා ආපන ශාලා හිමිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත.