පල්ලෙකැලේ බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාරගත කොට සිටි රැඳවියෙකු 02 දින අලුයම් කාලයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව සඳහන්වේ.
එදින අලුයම 04 ට පමණ මෙම රැඳවියා සිය දිවි හානි කරගෙන ඇති බව පැවසෙන අතර මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනුවර මහයියාවේ පදිංචිකරුවෙකු වූ 27 හැවිරිදි රංගස්වාමි පුවනේන්ද්රම් නැමැත්තෙකි.
අදාළ පුද්ගලයා හෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට බන්ධනාගාරගත කළ අයෙක් බවද සඳහන්වේ.
(කමල් සුරවීර – මහනුවර )