Local
බම්බලපිටිය තාවකාලික දුම්රිය මගී පාලමක්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ තාවකාලික මගී ගුවන් පාලම අද ජනතා අයිතියට පත්කර තිබෙනවා.
මාස පහක් තුළ අබලන් පාලම අලුත් වැඩියා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
බම්බලපිටිය දුම්රිය පොලට පිවිසෙන ගුවන් පාලම අබලන් වී ඇති බවට පසුගියදා මාධ්‍ය ඔස්සේ කළ කල හෙලිදරව්ව හේතුවෙන් එම පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
එම ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මගීන්ගේ ගමනාගමනය වෙනුවෙන් අලුතින් ඉදිකළ තාවකාලික පාලම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාලම ඉදිකළ සේවකයින්ගේ සේවකයින්ගේ අතින් විවෘත කෙරුණා.
එම අවස්ථාවට එක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම පාලම ඉදිකිරීම සඳහා සහභාගීවූ සේවකයින්ට ස්තුති කරමින් කියා සිටියේ, දින දහයක් වැනි ඉතා අඩු කාල කාලසීමාවකදී ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිතා කර මෙම පාලම ඉදි කළ බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අබලන් වූ පාලම් රටපුරා විශාල ප්‍රමාණයක් තියෙනවා.කොතරම් කවුරු පෙන්වා දුන්නත් මේවා හදන්න මුදල් නැහැ.සෑහෙන්න චෝදනා තියනවා.අඩුපාඩු පෙන්නනවා මහා මාර්ග වලසංවර්ධන කටයුතු ඇණහිටලා තියෙනවා.ඒවට වියදම් කරන්න මුදල් අවශ්‍යයි.මේ පාලම ඉදි කළේ මුදල් තිබිලා නෙමෙයි.වෙනත් තැනක තිබුණු යකඩ සහ අමුද්‍රව්‍ය යොදාගෙන.සමහරු චෝදනා කරනවා මේක උත්සව තියලා සල්ලි වියදම් කරල තාවකාලික පාලම් හදනවා කියලා.අපි මෙතන කිසිම උත්සවයක් තිබ්බෙ නෑ.මේකට මුදල් වැය කරලත් නෑ.රාජ්‍ය සංවර්ධන නිර්මාණ සංස්ථාව විසින් තමයි මේ සියලු කටයුතු සිදු කළේ.මේ වගේ අබලන් වෙච්ච තව පාලම් තියෙනවා.අඩුවියදමකින් ඒවා හදන්න ඕනේ.
(නිරෝෂන් – කොළඹ)
Hot News
හිමිනමකගෙන් බැට කෑ සිසුවා රෝහලේ

පාසල් සිසුවෙකුට එම පාසලේ ගුරු හිමිනමක් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර තිබෙනවා.
මෙසේ රෝහල් ගතකර තිබෙන්නේ මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි.
Hot News
Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු

පුද්ගලික ඔත්තුකරුවකගෙන් ලද තොරතුරක් අනුව ලිංගික උත්තේජක පෙති 31750 ක් හා ලිංගික උත්තේජන ජෙල් පැකට් 259 ක් බලපත්‍රයක් නොමැතිව මෙරටට ආනයනය කර ගබඩා කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් හනීෆා මොහොමඩ් රූමි යන අවුරුදු 46ක ව්‍යාපාරිකයකුයි.
සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දි මෙම පෙති වර්ග සභ ජෙල් පැකට් ඉන්දියාවේ සිට සූක්ෂමව මාලු බෝට්ටු තුල සඟවා රැගෙන ආ බවත් විකිණීම සඳහා වෙනත් අයෙකුට මුදලට ලබා දෙන තෙක් මෙලෙස ගබඩා කර තිබූ බවටත් අනාවරණය චී ඇත.
සැකකරු හෙට දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
Hot News
පස් දරු මවගේ සිරුර රාස්සැල්ලෙන් හමුවෙයි

පන්විල ගල්පිහිල්ල ප්‍රදේශයේ පදිංචිව සිට 80 හැවිරිදි පස් දරු මවකගේ සිරුර වත්තේගම රාස්සැල්ලේ තිබී අද (03) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුරන්කුඹුරෙ ගෙදර විමලාවති නැමැති 86 හැවිරිදි පස් දරු මවකි.
මෙම 86 හැවිරිදි මව දරුවන් සමග නිවසේ පදිංචිව සිට ඇති අතර ඊයේ O2වනදා සවස සිට අතුරුදහන්ව තිබෙි පසුව රාත්‍රී කාලයේ සිට සොයා ඇති අතර අද 03 උදේ වරුවේදී රොස්සැල්ලේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන තිබේ.
ඇය රොස්සැල්ලට පැන දිවි නසා ගත්තාද නැත්නම් වැටී මිය ගියාද යන්න පිළිබඳව වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී පැවැත්වීමට නියමතව තිබිණ.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් නවරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.
(මොහොමඩ් ආසික්)
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World14 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්