අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඊයේ (06) හා පෙරේදා (05) දිනවල කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.
පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කළේ ය.
ඒ අනුව බේකරි සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.