ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩු කරන්නේ ද, නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කිරීමට කටයුතු කර තිබුණා.
මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවයි බස් සංගම් පෙන්වා දුන්නේ.