කිලිනොච්චිය,කොකාවිල් ප්රදේශයේදී ඊයේ(12) සවස ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුධ හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුලතිව්,තුනුක්කායි ප්රදේශයේ සිට යාපනය,කරෙයිනගර් දක්වා ගමන්ගත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ලොරි රථය පෙරළී ගොස් තිබු අතර,එහි ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබිණ.
තුවාලකරුවන්ගෙ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසු අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)