මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ අද උදෑසන 10.45 ට පමණ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

මෙසේ මිය ගොස් ඇත්තේ යුද හමුදාවේ සේවය කරන සමාල් පුෂ්පකුමාර නමැති විවාහක එක් දරු පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මිය යන විට අවුරුදු 32 ක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය කළ පුද්ගලයා නිවසෙන් පලා ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසියෙන් පවසයි.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති සම්පත් පෙරේරා මහතා සහ නිලධාරීන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here