බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය සිය තෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 505 දරන ගුවන් යානයෙන් අද(13) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා ය.
පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණි ඈන් කුමරිය සිය සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවිය.
ඈන් කුමරිය මෙරට සංචාරයේ නිරතවුණේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානීය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සඳහා මෙරට රජය කළ ආරාධනයක් මතයි.