Hot News

බාර් පර්මිට්වලට මුදලට වරදාන වරප්‍රසාදවලට අපි නම් විකිණෙන්නේ නෑ – සජිත්

රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් ⁣සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ ප්‍රචාර දියත් කිරීමට යොදවන බවත් මේවැනි දේශපාලන සූදුවල වහල්ලු නොවන ලෙසත් එකවරක් වහලුන් ලෙස ඇන්දුනු නිසා රටම බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයෝ රට සංවර්ධනය කරනවා වෙනුවට මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබා දීම ඡන්දය ළඟ නිසා මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බා ගැනිමට කටයුතු කිරීම සිදු කරණ බවත් මන්ත්‍රීවරුන්ට මුදල් ලැබෙන කොට ජනතාවට ලැබෙන්නේ අභාග්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 183 වැනි අදියර යටතේ අද මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version