බිබිල – ලිඳකුඹුර ප්රදේශයේදී බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (05) රාත්රී 7:30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.
පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර තිබෙන බව පැවසෙනවා.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා
පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නතරකරන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා