Hot News

බිරිඳ එළොව යැවූ සැමියා වසර 12කට පසු පන්සලකින් හමුවෙයි

තම බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කිරිමේ චෝදනාවට මරණ දඩුවම නියම වී වසර 12 ක කාලයක් පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු වැලිගම, හේන්වල ප්‍රදේශයේ විහාරස්ථානයක රැදී සිටියදී මාතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා 2012 වසරේ දී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කර තිබුණා.

පසුව මීටියාගොඩ පොලීසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් වසරකින් පසු ඇප ලැබීමෙන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබූ අතර විත්තිකරු නොමැතිව බලපිටිය මහාධිකරණයේ විභාග වු නඩුවේ දී ඔහුට මරණ දඩුවම නියම කෙරුණා.

අනතුරුව දඩුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ, පොලිසියට ඔහුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

ඔහු වැලිගම විහාරස්ථානයක සැකකරු සැගව සිටින බවට ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්‌ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version