තම  බිරිය  මිය ගොස්  ඇති  බවට   බලන්ගොඩ  නගරය  ආසන්නයේ  පදිංචි  පුද්ගලයෙකු  විසින්   බලන්ගොඩ  නගරයේ ඇති  මල්  ශාලාවකට  ගොස් බොරුවට  පවසා  රැපියල්  40,000 ක්  වටිනා  මිිනි පෙටිටියකට මුදල්  ගෙවා  මල් වඩමක් ,ඇඳුමි සහ අනිකුත්  අවමංගල  භාණ්ඩද වෙන්කරවා⁣ගෙන  මල්  ශාලාවෙි වැන් රථයකින්  නිවසට  ⁣මිිනි පෙටිටිය ඇතුළු  භාණ්ඩ   රැගෙන  ගොස්  තිබෙනවා.

එහිදී   119 හදිසි  ජාතික දුරකතන  පද්ධතියට  ලද පැමිණිල්ලක් මත  බලන්ගොඩ  පොලීසියේ  නිලධාරි විසින්  එම  නිවසට ගොස්  මිිනි පෙටිටිය  නැවත  මල්ශාලවට    භාර දිමට  කටයුතු  කර ඇති බවයි වාර්තා වුණේ.

⁣බිරිඳ  රෝගාතුරව සිටි බවත් මරණය සමිබන්ධයෙන්  සැකයක්  නොමැති  බවට  මරණ  පරික්ෂක  ඇතුළු  නිළධාරින්ද  පැවැසු  බවයි  මොහු  විසින්  මල්ශාලාවට පවසා තිබෙන්නේ.

එය විශ්වාශ කළ මල්  ශාලාවෙිි  සේවකයන් විසින්  මිනි පෙටිටිය  ඇතුළු  උපකරණ  මොහු සමග මොහුගේ නිවසට  රැගෙන ගොස්  මිනි පෙටිටිය   නිවස  ඇතුලට  ගෙන  තිබෙනවා.

නිවසට  මිනිපෙටිටියක් රැගෙන  ඒමට  හේතුව කුමක්දැයි  දරුවන්  මොහුගෙන්  විමසා තිබෙන අතර, එහිදී  මොහු  පවසා තිබෙන්නේ   මව මිය ගිය නිසා  පෙටිටියක් ගෙන ආ  බවයි.

මව මියගොස්  නැති බවත්  මව  මුළුතැන්ගෙයි  සිටින   බව  දරු වන්  පැවසිමත්  සමඟ මල්ශාලාවෙි  සේවකයින් මිනි  පෙටිටිය  ආපසු  රැගෙන යැමට    උත්සාහ කර  ඇති අතර  ඒ අවස්ථාවලදී  මොහු  විසින්  එම  සේවකයින්ට තර්ජන  කර  තිබෙනවා.

එහිදී   මිනි  පෙටිටිය  නිවස  තුල දමා  මල්ශාලාවෙි  නිළධාරින්  පිටව  ගොස්  ඇති අතර  වැඩිමහල්  දරුවා  විසින්  මෙි සමිබන්දයෙන්  119 හදිසි  දුරකතන  අංකයට  දැනුම් දිමක්   කර  තිබෙනවා.

ඊට  අමතරව  මල් ශාලාවෙිි හිමිකරුද මෙිි සමිබන්ධ යෙන්  බලන්ගොඩ පොලීසිය  වෙත  දැනුම්  දිමක්  කිරිමට ගොස්  තිබෙන  අතර ඒ  වන  විටත්  119 හදිසි  දුරකතන  අංකට  දරුවා  විසින්  පැමිණිල්ලක් කර තිබූ බවයි වාර්තා වී තිබුණේ.

පසුව  බලන්ගොඩ  පොලීසියේ නිලධාරින්  දෙදෙනකු  එම නිවසට ගොස්  මිනි පෙටිටිය  මල්  ශාලාවෙි සේවකයින් වෙත  ආපසු  රැගෙන  යැමට  භාර දි තිබෙනවා.

සැමියා  විසින් ⁣මිනි පෙටිටිය වෙනුවෙන්  මල්  ශාලාවට  ගෙවු රැපියල්  40000 ක  මුදල  නැවත  රැගෙන  යැම  සදහා   මල්  ශාලාවට  පැමිණෙන ලෙස  බිරිඳට සහ  සැමියාට  දැනුම්  දි තිබෙනවා.

මෙවැනි  දෙයක්  කිරිමට මොහු   මෙලෙස  කටයුතු  කිරිම සමිබන්ධ යෙන්  මොහු  කිසිවක්  ප්‍රකාශ  නොකරන  බවයි පොලීසිය ප්‍රකාශ කළා.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here