Hot News
බීඩි කොළ ආනයන බද්ධ පහළට

බීඩි කොළ ආනයනයේ දී සිදුවන වංචා හේතුවෙන් රජයට අහිමි වූ බදු මුදල නිසි පරිදි ලබාගැනීම සඳහා බදු සංශෝධනයක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
බීඩි කොළ ආනයනයේදී බීඩි කොළ කිලෝවක් සඳහා රුපියල් 5,000ක ඉහළ බද්දක් අයකිරීම හේතුවෙන් බීඩි කොළ ආනයනයෙන් 75%ක්ම සිදුවන්නේ අනියම් ක්‍රම මඟින් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එබැවින් රුපියල් 5,000ක් වූ බීඩි කොළ ආනයන බද්ද කිලෝවට රුපියල් 250ක් දක්වා අඩුකිරීමටත් ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 2.00ක්වූ බදු මුදල බීඩියකට රුපියල් 3.50ක් දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
එමෙන්ම සුළු පරිමාණ වශයෙන් බීඩි නිෂ්පාදනය කරන පිරිස ලියාපදිංචි කොට ඉන් එම පිරිස යම් නියාමනයකට ලක්කර ඔවුන්ට යම් ආවරණයක් සැලසීමට රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය
Hot News
සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක් බෝ නොවන රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම පිළිබද කතිකාවතක් සකස් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් වන නිසා මාධ්‍ය ආයතනවලින් යම් ඉඩක් ලබා ගැනීම සදහා ඉල්ලීමක් කිරීමට තීන්දු කළ බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාර උත්සවයට සහභාගි වෙමිනි.
ජීවත් වීමේ ආයු කාලය වැඩි වීමත් සමඟ අපිට තිබෙන බෝ නොවන රෝග තර්ජනය වැඩි වී තිබෙන බව ද ඒ නිසාවෙන් අධීරුධිර පීඩනය, දියවැඩියාව, පාර්ෂවික අඝාතය, හෘද අකර්මණ්‍ය, වකුගඩු රෝග හා පිළිකා රෝග ප්‍රභල ලෙස ඇති වී තිබෙන බවත් ඒ නිසා දියවැඩියාව පාලනය කිරීම යන කාරණාව මතභේදාත්මක හා සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“2020 වර්ෂයේ දී 10500 දෙනෙක් වකුගඩු රෝග ආශ්‍රිත රෝග නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. ගිය වසරේ ඩෙංගු රෝගයෙන් 72 කගේ ජීවිත නැති වෙලා තියෙනවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් වසරකට 10500 කගේ ජීවිත නැති වෙනවා. ඒ වගේම තවත් ගැඹූරු කාරණයක් තියෙනවා වසරකට 12000 කගේ ජීවිත මාර්ග අනතුරු නිසා නැති වෙනවා. මාසයකට 1000 කට ආසන්න වශයෙන් දිනකට 35 දෙනෙකු මිය යනවා. අපේ රටේ ප්‍රධාන නාලිකාවල පළමු වන ප්‍රධාන විනාඩි 25 වෙන්කර තිබෙන්නේ මිනීමැරැමක්, ඝාතනයක්, අපචාරයක්, දුෂණයක්, දේශපාලඥයකුගේ කට කැඩිච්ච කතාවක් වැනි දේවල් වලට ඒක රටේ අවාසනාව.අපි මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න කියලා අපිට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මාර්ගෝපදේශන ලබා දෙන්න.” “ශ්‍රී ලංකාව ප්‍රභල බෝ නොවන රෝග අවධානමකට ලක්වෙමින් තිබෙනවා. මහාචාර්ය මන්දික විජේරත්න මහතා සදහන් කලා වගේ, නිදන් ගත වකුගඩු රෝගයට දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කාරණය ලෙස සැලකෙන පාලනය නොකල දියවැඩියාව වැඩිහිටි ජනගහනයෙන් 1/3 කට ඇති වෙලා තියෙනවා. ආසන්න වශයෙන් වයස 35 කට වඩා වැඩි ජනතාවගෙන් 35% – 40% දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙනවා. ඒක දකුණු ආසියාවේ විශාලතම ප්‍රතිශතයයි. ජනගහනයෙන් 20% – 25% අවුරුදු 25 ට වඩා වැඩි අධික රුධිර පීඩනයෙන් පෙලෙනවා. ඒක ආසියානු ශාන්තිකර කලාපයේ මේ රෝගී තත්වයෙන් වැඩිම ප්‍රමාණයක්.” වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් 5000 කට අධික වටිනාකමකින් යුතු වියලි ආහාර මළු හා සෞඛ්‍ය හිමිකම් රක්ෂණ හා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සදහා මුල්‍යාධාර සහ වකුගඩු රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමට, 2024 වර්ෂය සදහා දින දර්ශනයක් එළිදැක්වීමට ද සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මෙහිදී පියවර ගන්නා ලදී.
Hot News
Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 06 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (08) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
අද සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගය අසල කොටසක් බදුලු ඔයට කඩා වැටී නායයාමට ලක්වුණා.
Hot News
අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අවසන්

පසුගිය 5 වැනිදා ආරම්භ කළ මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා සමග පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
-
Hot News3 days ago
කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි
-
Hot News20 hours ago
කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
Hot News3 days ago
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල සීඝ්රයෙන් පහළට
-
Hot News3 days ago
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී
-
World2 days ago
විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් – තිදෙනෙක් ජීවිතක්ෂයට
-
Hot News4 days ago
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි
-
Hot News2 days ago
Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න
-
Hot News2 days ago
ඇමෙරිකානු YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්