සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පියා තැබූ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර තිබෙන බව සූරියවැව පොලිසිය පවසනවා.

අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ ඇති අතර එහිදී පියා විසින් පුතාට බැණවැදී ඇති තමාට බැණ වැදීමට හේතුව විමසීමට පුතා නිවෙසින් එලියට පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩිතැබීම සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු පියා පලාගොස් ඇති අතර වෙඩි පහර කෑ පුතාගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්‍රදේශයට වැදී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here