බීමතින් රිය පැදවීම නිසා පොලිසිය විසින් ඔහුව නවත්වන විට පොලිසිය සමඟ බහින්බස් වූ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්‍ෂ අපේක්ෂක කුෂාන් උමයංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට පහර දී ඇති බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
එම බහින්බස්වීම අතරතුර පොලිසිය තමන්ට පහරදුන් බවත්, පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කරන ලෙස බලකරමින් බලහත්කාරයෙන් රෝහලට ගිය බවත් වාර්තා වේ.
බීමතින් රිය පැදවූයේ නැතැයි ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළද රෝහලේදී සිදුකළ පරීක්‍ෂණවලදී ඔහු මත්පැන් පානය කර ඇති බව තහවුරු විය.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු තවදුරටත් රඳවාගෙන සිටින බව වාර්තා වේ.