විශ්ව බුද්ධ නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා පෙබරවාරි 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here