බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරීමකදී ඉතා සුක්ෂම ලෙස සිර මැදිරි තුල සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.
එහි දී පැය 1700 – 1910 අතර කාලය තුල A හා D වාට්ටු තුල සුක්ෂම ලෙස සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිමි පත් 02 සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02 අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කඩිනමින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිළධාරි තුමාගේ කාර්යාලය වෙත භාර දිමට සුදානම් කර ඇත.
විශේෂ කාර්ය බලකාය බුස්ස කඳවුරේ නිලධාරීන්ට ගාල්ල ප්‍රාදේශීය අණදෙන නිලධාරීතුමා විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප බාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බුස්ස කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඩබ්.වි. නිමල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බුස්ස බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව 2023.10.28 වන දින බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශය හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.