පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටි පාසලක සිසුවෙකුට ඊයේ (18) එම පාසලේ විදුහල්පතිවරයා පහර දී තිබෙනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.
බෙලි ගෙඩියකින් තවත් සිසුවෙකුට පහර දුන් බව සිතා විදුහල්පතිවරයා විසින් මෙම පහරදීම සිදු කර තිබුණා.
කෙසේවෙතත්, පසුව අනාවරණය වී ඇත්තේ විදුහල්පතිවරයා දඬුවම් ලබා දී ඇත්තේ පහර දීම සිදු කළ සිසුවාගේම නම ඇති වෙනත් සිසුවෙකුට බවයි.
පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.
පරීක්ෂණවලින් පසුව පහර දීම සිදු කළ විදුහල්පතිවරයා ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
(රසාංග – පොලොන්නරුව)