හසලක පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි පාසල් දරුවකු බෝම්බයක් රැගෙන අමතර පන්තියකට ගිය දරුවෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙලෙස රැගෙන ගිය බෝම්බය පෞද්ගලික පන්ති ගුරුවරයාට පෙන්වා තිබෙන අතර, ඔහු විසින් එය ආරක්ෂිතව පොලිසිය බාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

නිවස ආසන්නයේ ඇති ඇළක දිය නාමින් සිටිය දී මෙම ජීව අත්බෝම්බය හමු වූ බව සිසුවා පොලිසියට පවසා තිබෙනවා.

සිසුවා මේ බව කිසිවෙකුටත් නොපවසා උපකාරක පන්තියකට ගොස් එහි ගුරුවරයාට පෙන්වා මේ බව කියා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම ගුරුවරයා මැදිහත්ව අත් බෝම්බය පොලිසියට බාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here