තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සිදු වන විවිධ අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් විශේෂ පොලිස් මෙහෙයුමක් සිදු කෙරෙණ.

මෙම මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් ට අමතරව පොලිස් නිල සුනඛ අංශයේ ද සහය ලැබුණු අතර ප්‍රදේශයේ නිවාස,ඉඩම්,කැලෑ බද ස්ථාන සහ රථ වාහන මෙහිදී පරික්ෂාවට ලක් විය.

වැටලීමේ දී භූගතව ඉතාමත්ම සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් පහලොවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරැට් තොගයක් සමග තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here